රාජ්‍ය සේවකයන්ට ලබා දුන් තීරුබදු සහන සහිත වාහන බලපත්‍ර මාස හයකට අත්හිටුවීමට රජය කටයුතු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම තමන්ට අවශ්‍ය වාහන ගෙනවිත් ඉන් 100 ක් මේ වන විට විකුණා ද අවසන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (01) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගේ මහතා සදහන්කර සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් පමණක් සිටියද වාහන බලපත්‍ර 227 ක් මේ වන විට නිකුත් කර අවසන් බව ද හෙතෙම පැවැසීය. 2015 සිට මේ දක්වා මැති ඇමැතිවරුන් නිකුත් කළ මෙම වාහන බලපත්‍ර හේතුවෙන් රටට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 07 කට ආසන්න බවය.
මේ නිසා මෙම අවුරුද්දේ (2018) පමණක් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට පරිපූරක ඇස්තමේන්තු කොපමණ සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්දැයි සොයා බැලීමට සිදුවන බව ද හරිත අලුත්ගේ මහතා කියා සිටියේය. එමෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන්ගේ කාර්යාල දීමනා හා ප්‍රවාහන දීමනා ලක්ෂ ගණනින් ඉහළ දමා තමන්ට අවශ්‍ය සියල්ල සිදු කර ගැනීමෙන් අනතුරුව ජනතාවගේ බෙල්ල සිර කිරීමට මේ රජය තීන්දු තීරණ ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ආර්ථික අර්බුදයක් රට තුළ ඇති වන බවට අනාවැකි පළ වී තිබූ මොහොතක මැති ඇමැතිවරු අතිරේක වරප්‍රසාද සියල්ල ලබා ගැනීමෙන් පසු රජයේ සේවකයන්ට ලබා දෙන සීමිත තීරුබදු සහිත වාහන බලපත්‍රය කල් දමමින් ජනතාව ගොනාට ඇන්දවීමේ රජයේ උත්සාහයට සිය සංගමය දැඩි විරෝධය පළ කරන බව හෙතෙම කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...