පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල ආසනයේ අපේක්ෂකයන් තෝරා ගන්නා ලද්දේ තමන් විසින් බවට පාර්මේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බව ද කඩුවෙල හිටපු නගරාධිපති ජි.එච්. බුද්ධදාස මහතා පවසයි.
ඊයේ(02) කඩුවෙලදී පැවති මාධ්ම‍්‍ය හමුවකට එක්වෙමින් හිිටපු නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
පළාත්පාලන මැතිවරණය පරාජය වීමට හේතු වූයේ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා විසින් දෙපැත්තේ කකුල තියාගෙන අනුගමනය කළ දෙබිඩ් පිළිවෙත බවත් හිටපු නගරාධිපති වරයා සඳහන් කළේය.
පසුගිය මහමැතිවරණයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් එක් ලක්ෂ ගානක් මනාප ලබා ගත්තේ විමල් වීරවංශ මහතාට පින් සිදුවෙන්න බවද යයිද නගරාධිපතිවරයා කියා සිටියේය.
දීර්ඝකාලීන දේශපාලන මිතුරකු වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැඩි විවේචනය එල්ල කිරීමත් කලක් තිස්සේ දේශපාලන එදිරිවාදිකමක් පවත්වාගෙන යමින් සිටින විමල් වීරවංශ මහතා පිළිබදව ප්‍රශංසනාත්මකව අදහස් දැක්වීම සමාජ මාධ්‍ය ජාලා තුළද කතා බහට ලක්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...