දේශීය පුවත්

පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් නිසා වැඩියෙන්ම බැනුම් අහන්නේ තමන් සහ අගමැතිවරයා බවද සඳහන් කර ඇත.

පොලිසියේ ඇතැමුන්ගේ විනයන් පිරිහි , හික්මීමත් පිරිහී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය වහා නිවැරදි කළ යුතුව ඇතැයි පවසා ඇත.

අපරාධ අඩුවී ඇති බවට ඇතැමුන් කරනා ප්‍රකාශ පිළිගත නොහැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටුවේ පිහිටි පොලිසියට අයත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් අතරතුරදී පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එහිදී අදහසක් දක්වා ඇති ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රටතුළ අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ යැයි පවසා ඇත.

ඊට පිළිතුරු දී ඇති පොලිසිය භාර ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් පැහැදිලිව තිබෙන බවත් සිදුව ඇත්තේ මාධ්‍ය වලින් අපරාධ හුවා දැක්වීම බවත් ප්‍රකාශ කර තිබේ.

මංගල සමරවීර ඇමැතිවරයා ද අදහස් දක්වමින් රට තුළ අපරාධ විශාල වශයෙන් අඩුවී ඇතැයි ප්‍රකාශ කර ඇත.අපරාධ වැඩි වී ඇති බව පවසන්නේ මාධ්‍ය වලින් බවද පවසා ඇත.මාධ්‍ය සංදර්ශන වල අරමුණ රට අස්ථාවර කිරීම බව මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා කවුරු කුමක් කිවේද පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පැහැදීමක් නැති බව සඳහන් කර ඇතැයි වාර්තා වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More