දේශීය පුවත්

ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රජයේ පුවත්පතකට ඊයේ පවසා ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා විවිධ විමර්ශන අංශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද සම්බන්ධ කරගෙන පවත්වන මෙම සුවිශේෂි පුවත්පත් සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පොලිසියේ ඉදිරි සැලසුම් ඇතුළු තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.

අපරාධ මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හා අපරාධ මර්දනය සම්බන්ධයෙන් විශේෂ ඉදිරි සැලසුම් යනාදිය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් තොරතුරු අනාවරණය කෙරෙන බව කී පූජිත් ජයසුන්දර මහතා පොලිසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පවසා ගැටලු නිරාකරණය කර ගැනීමටද අවස්ථාව සලසා දෙන බව පපවසා ඇත.

පොලිසියේ දියුණුව සඳහා මාධ්‍යවේදින්ගේ යෝජනා ඇත්නම් ඒවා ගැනීමට ද මෙහිදී කටයුතු කරන බවත් තමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු විවිධ වැඩසටහන් නිසා රටේ අපරාධ මර්දනයේ ලොකු ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More