නව ව්‍යවස්‌ථා සංශෝධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම තව මාස කිහිපයකින් කල්යෑවීමට රජය සැලසුම් කර ඇති බව අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග පවසයි.
දැනට නිකුත් කර ඇති ව්‍යවස්‌ථා මෙහෙයුම් අතුරු වාර්තාවට මහ සංඝරත්නය සහ පාර්ලිමේන්තුවෙන් පිටත දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධානවලින් එල්ල වන විරෝධය අවම කර ගැනීමටත් තවදුරටත් ඒ සඳහා ජනතා සංවාදයට ඉඩ ලබාදීමටත් රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මස අග භාගයේ පැවැත්වෙන නිසා ඉන් පසු පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙන නිසා එය ද අවසන් වීමෙන් පසුව නව ව්‍යවස්‌ථා සම්පාදන කටයුතු සිදු කිරීමට රජය සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.
ව්‍යවස්‌ථා සංශෝධන මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳව ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් අනතුරුව එම කටයුතු මෙසේ කල් දැමෙනු ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...