දේශීය පුවත්

යල කන්නයේ වී මිලට ගැනීමට රජය වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජයේ වී ගබඩාව වල ට වී මිලට ගත හැක්කේ 2% තරම් ප්‍රමාණයක් බව වාර්තා වේ.

වී වල සහතික මිල මට්ටම වසර තුනක් පැරණි වන අතර ජීවන අංක ඉහළ යාමට සාපේක්ෂව එහි සහතික මිල ඉහල දැමිය යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇතැයි සඳහන් වේ.

ඒ අනුව පෞද්ගලික අංශ වැඩි මිලට වී මිලදී ගැනීම හේතුවෙන් ගොවීන් අස්වැන්නෙන් 98% ක්ම පෞද්ගලික අංශයට අලෙවි කිරීම සිදුව ඇතැයි දැනගන්නට ලැබේ.

අඩු මිලට වී මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම නිසාත් ඉදිරියේ දී රජය සතු ගබඩාවල ඇති වීම වැළැක්විය නොහැකි බවද සඳහන්වේ. මෙවර වී මිලට ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල වෙන්කොට ඇත්තේ රුපියල් මිලියන 4900 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More