ඉදිරි මාස 03 – 04 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්වේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) නව ගොඩනැඟිලි පරිශ්‍රයක ස්ථාපනය කළ ත්‍රිකුණාමළය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාව හා නැගෙනහිර පළාත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
හරිත බැංකුකරණ සංකල්පය යටතේ ඉදිවී ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය ආසන 200කින් සමන්විත නවීන ශ්‍රවණාගාරයකින්ද සමන්විතවේ. දින 365ම පැය 24ම ක්‍රියාත්මක ස්මාට් සෝන් පහසුකම ඇතුළු අති නවීන බැංකු සේවාවන් රැසක් මෙහි ස්ථාපනය කර ඇත.
රට තුළ කුමන ප්‍රශ්න පැවතියද මැතිවරණවලට දක්වන්නා වූ කැමැත්ත නිසාම ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදීත් සාකච්ඡා කළ අතර එක පක්ෂයක් හැර අනෙක් සෑම පක්ෂයම කියන්නේ අනුපාත ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරි කාලය තුළ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...