විදේශිය බැංකුවකින් මෙරට කැබිනට් ඇමතිවරයෙකුගේ බැංකු ගිණුමකට මුදල් බැරවීමක් පිළිබඳ මාධ්‍යයේ පළවන පුවත් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කර එම ඇමතිවරයා රටට හෙළිකළ යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
අද (03) කොළඹදී පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෝටි 15ක මුදලක් බැංකු ගිණුමට බැර වී ඇතත් ඒ කුමක් සදහාදැයි හෙලි කර ගැනීමට අපොහොසත් වීම නිසා ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ගිණුම අත්හිටුවා පරික්ෂා කරන බවට අන්තර්ජාලයේ පලවූ වාර්තා ගැන ප‍්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා කියා සිටියේ අදාළ පුවත සමඟ තමන්ගේ පිංතූරයක් අන්තර්ජාලයේ හුවමාරු වුවත් තමන්ගේ කිසිදු බැංකු ගිණුමක් අත්හිටුවා නැති බවත්ය.
තමන්ගේ ගිණුම් තහනම් කරන්නේ නම් ඒ මුදල් නැති වීම නිසා බවද ඔහු සඳහන් කළේය.
එක් අයෙක්ගේ වරදකට පර්ලිමේන්තුවේ සමාජිකයින් 225ම චෝදනාවට ලක් වෙන බවත් පළමුව පළවන ප්‍රවෘත්තිය ජනතාව පිළිගන්නා බවත් ඉන් පසු නිවැරදි කළද එයින් සාධාරණයක් සිදු නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...