ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල, ඉන්ධන මිල, දුම්රිය – බස් ගාස්තු ඉහළ දමමින්, ව්‍යාපාර කඩාවැටීමට සලස්වමින්, ග්‍රාමීය ගොවි ජනතාව කොළ තම්බාගෙන කන තත්වයට පත්කර ඇති මේ ආණ්ඩුව, ජනතාව මත් කරවා හෝ එම ප්‍රශ්න අමතක කරවීමට මත්ද්‍රව්‍ය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට ඉඩ සලසා ඇති බවට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආණ්ඩුවට චෝදනා කරයි. එසේම එම කාන්තා ව්‍යාපාරය පෙන්වා දෙන්නේ, යහපාලනයේ ‘අපමණ අගය’ නිසා මෙරට ‘පවුල් 50කට එක් අයෙක්’ ‘කුඩුකාරයකු’ බවට පත්ව ඇති බව ය.
අදට (03) යෙදෙන ලෝක අමද්‍යප දිනයට සමගාමීව ‘මතින් නිදහස් රටක් වෙනුවෙන් සංවිධානය වෙමු! සටන් වදිමු!’ යන තේමාව යටතේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් දියත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා, හිටපු පළාත් සභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල මහත්මිය ඉහත අදහස් පළ කළාය.
මත්ද්‍රව්‍ය යොදා ගනිමින් රට පුරා පවත්වනු ලබන ‘බීච් පාටි’ වැනි සංදර්ශනවලින් අද මේ රටේ තරුණ පිරිස් මියයන බව ද ඒ මහත්මිය පෙන්වා දුන්නාය. පාසල් හා ටියුෂන් පංති අද වන විට ‘කුඩු තිප්පොළ’ බවට පත්වීමට ඉඩ හැර බලධාරීන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බව ද කොතලාවල මහත්මිය සඳහන් කළාය.
මේ තත්වය වහා වෙනස් කිරීමට මව්වරුන් ලෙස පෙරට ඒමේ උවමනාව අවධාරණය කළ ලක්මව දියණියෝ ජාතික සංවිධායකවරිය, ඒ සද්කාර්යට දායක වන ලෙස සියලු ලක්මව්වරුන් වෙත ආයාචනා කර සිටියාය.
මෙම අවස්ථාවට ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරයේ දිස්ත්‍රික් නායිකාවෝ ඇතුළු ක්‍රියාකාරිනියෝ පිරිසක් එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
“ජනතාව මත් කරවලා, ප්‍රශ්න අමතක කරවන්න හදනවා. අද මේ රටේ පවුල් 50කට එක් අයෙක් කුඩුකාරයෙක් කරලා”- ලක්මව දියණියෝ ආණ්ඩුවට චෝදනා කරති
Gepostet von Jathika Nidahas Peramuna am Mittwoch, 3. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...