දේශීය පුවත්

රී ලංකා පොදුජන පෙරමුණ ලෙස බිහිවී තිබෙන දැවැන්ත දේශපාලන ගංගාවේ ආරම්භක උල්පත තමයි මහින්ද සුළඟ. ඒ මහින්ද සුළඟේ පුරෝගාමියෙක් විදියටයි අපි යසපාල කෝරලගේව දකින්නේ. පුංචි ඡන්දය වෙලාවේ ඇතිවුණු සිත් වේදනාවක් නිසා එතුමා හැඟීම්බරව තීන්දුවක් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගියා. වේදනාව පහවුණාම හැඟීම්බර වුණා වැඩිදෝ කියලා එතුමට හිතිලා තියෙනවා. ඒ නිසා මවුබිමේ නිදහස් අරගලයට යළිත් එකතු වෙන්න එතුමා තීරණය කරලා. ඒ සඳහා පිවිතුරු හෙළ උරුමය තෝරා ගෙන තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේද කීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරණ සංවිධායක බස්නාහිර පළාත් සභාවේ උප සභාපති කළුතර දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ වූ අවස්ථාවේය. ඔහු සමඟම හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි නන්දා අබේවික්‍රම, හොරණ සමුපකාර සමිතියේ සභාපති එන්.ඩී. ගුණසේන, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ජගත් කුමාර ප්‍රේමතිලක, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මංජුල කමල්සිරි යන මහත්ම මහත්මීහු පිවිතුරු හෙළ උරුමයට එක්වූහ.

ඔවුන් පිවිතුරු හෙළ උරුමයට එක්වූ බව ඊයේ (03දා) එම පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යට දැනුම් දුන්නේය.
එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

2015 පෙබරවාරි 18 මහින්ද සුළඟ ආරම්භ කරන විට අපි මේ ගමන සාර්ථක කරගන්න ශක්තිමත් ශ්‍රී ල.නි.ප. නායකයෙක් අවශ්‍ය වූ නිසා විමල් වීරවංශ මන්ත්‍රිතුමත් මමත් මේ පිළිබඳ බස්නාහිර පළාතේ එවකට ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ කතා කළ විට එතුමා එකඟ වුණා අපේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන්න. එතුමා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරු කැඳවලා මහින්ද රාජපක්‍ෂ මහතා යළි ගෙන ඒමට ව්‍යාපාරයක් ආරම්භ කළා. අපි එයට සහාය දැක්විය යුතුයි කියලා මම තීරණය කළා. මාත් එක්ක එකතු වෙන්න කියලා මන්ත්‍රි කණ්ඩායමට ආරාධනා කරලා මහින්ද සුළඟ වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රි සංසදයක් බිහි කළා. ඒ මන්ත්‍රි සංසදයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේ යසපාල කෝරලගේ මැතිතුමා.

මෙය ආරම්භයක් විතරයි. නුදුරේදී එන ශ්‍රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණය වන ජනාධිපතිවරණය. එහිදී දේශප්‍රේමීන් පැරදුණොත් අපිට රටක් ඉතිරි වෙන්නේ නැති බව අපි පුන පුනා කියා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසානය ජනාධිපතිවරණයත් එක්ක සිදුවන්න ඉඩ තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී තමන් හිටගන්නේ රට රකින පිලත් එක්කද, රට නසන පිලත් එක්කද කියන තීන්දුව ගන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පළාත් සභා මන්ත්‍රිවරුන්ට, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට අවස්ථාව උදා වී තිබෙනවා. මවුබිමේ නිදහස් අරගලයට අපිත් සමඟ එකතු වෙන්න කියලා සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන නියෝජිතයන්ට ආරාධනා කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More