වත්මන් ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවකට බහුතර කැමැත්ත ලැබි ඇති බව වාර්තා වේ.
මෙහිදී නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ දිනෙන් දිනම රටේ ආර්ථික සමාජ හා දේශපාලන තත්ත්වයන් විනාශ වී නීතිය වල් වැදෙන තත්ත්වයට පත්ව ඇති බැවින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඔහුගේ මැදිහත් වීමෙන් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනපති පොළඹවා ගැනීම වහා කළ යුතු දෙයක් ලෙස ඉස්මතුව ඇති බවය.
වාසුදේව මන්ත්‍රීවරයාගේ අදහසට රැස්වීමට පැමිණසිටි පිරිසෙන් පක්ෂව හා විපක්ෂව අදහස් මතුව ඇති නමුත් අවසන බහුතරයකගේ අනුමැතිය ඊට ලැබි ඇති බවද සඳහන් වේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිවක් සඳහන් කර නැති බවද දැනගන්නට ඇත.
කෙසේ වුවද වාසුදේව මන්ත්‍රීවරයා ඉදිරි දෙසතිය තුළ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද එම හමුවීම තනිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙකුද ඇතුළත් කණ්ඩායමක් ලෙස හෝ සිදුවීමට නියමිතය.
Lakbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...