දේශීය පුවත්

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධික ලෙස පෙට්‍රල් ගබඩා කර තබා ගැනීමට ජනතාව යොමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එහි ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ.

දින කිහිපයකට සරිලන තරම් පෙට්‍රල් තොග රජය සතුව පවතින බව ද මාරසිංහ සඳහන් කළේ ය.

පෙරේදා පස්වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි පෝලිම් දක්නට ලැබිණි.

මීට හේතු වුයේ අයි.ඕ.සී. සමාගම ගෙන් වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොරවීමත් සමග ප්‍රතික්ෂේප වීම ය.

ඉන්ධන අවශ්‍යතාවයෙන් 80% ක් සැපයීමට හැකියි – ඇමති අර්ජුන – UPDATE

අනියත බියකින් තොරව සාමාන්‍ය පරිදි අරපිරිමැස්සෙන් යුතුව පෙට්‍රල් භාවිත කරන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂ ප්‍රකාශයක් කරමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා සදහන් කළේ අයි.ඕ.සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් තිබීම හේතුවෙන් එය ගොඩබෑම අත්හිටවූ බව ය.

මේ හේතුව මත ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්‍රල් සැපයීමේ තරමක අඩුවීමක් සිදුව තිබේ.

ඉන්ධන අවශ්‍යතාවයෙන් 80% ක් සැපයීමට හැකිව තිබෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළ අතර ඔහු කියා සිටියේ ඩීසල් සහ භූමිතෙල් සැපයීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ය.

එබැවින්, අනියත බියකින් තොරව අරපිරිමැස්සෙන් පෙට්‍රල් භාවිත කරන ලෙසට අර්ජුන රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More