දේශීය පුවත්

රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (5,564,404.50) හොංකොංහි ගිණුමකට බැර කරන්නැයි ඉල්ලමින් සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීම සඳහා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාට අද (04දා) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩීයට) හමුවට පැමිණියේය.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මෙම මූල්‍ය වංචාවේ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් පෙරේදා (02දා) ඉල්ලා සිටීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව අද දිනයේ කැඳවා සාක්ෂි සටහන් කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න, ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා ඇතුළු අංශ ප්‍රධානීන්ගෙන්ද කටඋත්තර ගැනීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. ඊට හේතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ මෙම විමර්ශනය කඩිනමින් අවසන් කිරීම බව වැඩිදුරටත් එහි ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More