දේශීය පුවත්

එක්ස් කිරණ පරීක්ෂාවකින් පසුව රෝගියෙකුගේ වම් වකුගඩුවේ හටගෙන තිබූ කිලෝ දෙකක් පමණ බරකින් යුතු, විශාල ප්‍රමාණයේ ගලක් සාර්ථක සැත්කමකින් පසුව ඉවත් කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.

පසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී තිබේ.

412, 8 ගම්මානය, ගාලදිවුල්වැව නොච්චියාගම, ලිපිනයේ පදිංචිව සිටි හතලිස් එක් හැවිරිදි පී.ජී. ගාමිණී රාජපක්ෂ යන අය මෙලෙස ශල්‍යකර්මයට භාජනය කර තිබුණි.

ශල්‍යකර්මය සිදුකළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍යවෛද්‍ය ටී. අරවින්දන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“රෝගියෙකුගේ වකුගඩුවක මෙතරම් විශාල ප්‍රමාණයේ ගලක් දැක්ක ප්‍රථම අවස්ථාව තමයි මේ. මීට පෙර අසා තිබුණෙත් නැහැ. මුත්‍රාශයේ නම් විශාල ගල් සහිත රෝගීන් අප දැක තිබෙනවා. මා ඇතුළු කාර්ය මණ්ඩලය රෝගියා ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබුවා.

වකුගඩුවල තිබෙන කිලෝ දෙකක් පමණ ගලක් ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඉන් අනතුරුව අපි ඉතා සුපරික්ෂාකාරීව මේ රෝගියාගේ වකුගඩුවේ තිබූ ගල කොටස්වලට වෙන් කර ඉවතට ගනු ලැබුවා. රෝගියා මේ වන විට නිරෝගී තත්ත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය තුනක පමණ කාලයක් ගත වුණා.

විශේෂයෙන් කිවයුතු වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලය නිසා තමයි මෙවැනි ගල් හටගන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ජලය වැඩිපුර පානය කළ යුතු වනවා. එමඟින් මුත්‍රාශයේ වකුගඩුවල මේ ආකාරයෙන් ගල් ඇතිවීමේ අවදානම පහව යනවා. වකුගඩු වල පොඩි ගලක් හට ගත් විටත් රෝගියාට අධික වේදනාවක් හට ගන්නවා. එහෙත් මෙම රෝගියාට එවැනි වේදනාවක් දැනී නැහැ”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More