එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය වාර්තාව දින 14 ක් ඇතුළත සැකසීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව විසින් ඊයේ (4) කමිටුවක් පත්කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජනිස විධායක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.
ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා පත්කෙරුණු කමිටු සාමාජිකයන් වන්නේ එස්. බි. දිසානායක, දිනේෂ් ගුණවර්ධන, එජනිස මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ප්‍රේම්ජයන්ත යන මහත්වරුන්ය.
රටේ ආර්ථිකය කඩා වට්ටමින් වත්මන් ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී ක්‍රියා පිළිවෙත අනුමත කරමින් ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව විධායක සභිකයන් මෙහිදී පෙන්වා දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...