නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙළ අනුව වාර්ෂිකව දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන වනරෝපා ජාතික වැඩසටහන සහ පරිසර සමුළුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(05) මන්නාරම දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත් වීමට නියමිතයි.
මන්නාරම තම්බනෛයිකුලම් ප‍්‍රදේශය ආවරණය කරමින් හෙට පෙරවරුවේ වන රෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර පරිසර සමුළුව ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පෙ.ව 10.00 ට මන්නාරම නගර සභා කී‍්‍රඩාංගණයේ දී පැවැත් වෙයි.
ශ‍්‍රී ලංකාවේ වන ආවරණය සියයට 32ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් පරිසර විෂයභාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන කී‍්‍රයාවට නංවා ඇති අතර සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර ඇත.
ඒ යටතේ රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම වසරේ ද ඔක්තෝබර් 01 සිට 31 දින දක්වා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට නියම්තයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...