දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඇති වී තිබූ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණි චීන ගුවන් යානයක් , මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට , කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් සී.ඒ- 425 දරන ගුවන් යානය වන අතර , එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිට තිබේ.

මෙම ගුවන් යානය 10/04 දින රාත්‍රී 9.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පැමිණියත් , ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති අධික වැසි , අකුණු ගැසීම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ අතර , එම ගුවන් යානය එදින රාත්‍රී 10.30 ට එහි ගොඩ බස්සවා තිබුණි.

පසුව එම ගුවන් යානය තුළ සිටි මගීන් යානයෙන් පිටතට නොබැස සිටි අතර , යානයට අවශ්‍ය ඉන්ධන ලබා දී , යළිත් එම ගුවන් යානය 10/05 දින අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ බලා , මත්තල ගුවන් තොටුපොළෙන් පිටත් වූ අතර , එම යානය එදින අලුයම 1.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට යහපත් කාලගුණික තත්ත්වයක් ඇති වී තිබුණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More