පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මහජන නියෝජිතයන් වැඩිම පිරිසක් තේරීපත් වී ඇති දේශපාලන පක්ෂය ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නියෝජිතයන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් දැඩිව විමසිලිමත් වන බව බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කරයි.
පක්ෂයේ දේශපාලන කටයුතුවලදී සහ පළාත් පාලන ආයතන රාජකාරී ඉටු කිරීමේ දී පමණක් නොව දෛනික සමාජ ජීවිතය තුළ පවා සිය මහජන නියෝජිතයන් සමාජ පරමාදර්ශයන් බවට පත් කරලීම පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවද හෙතෙම අවධාරණය කරයි.
කිසියම් මහජන නියෝජිතයකු පක්ෂයේ විනය පටිපාටියට හෝ රටේ නීතියට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණ කිසිසේත් පසුබට නොවේ. දැනටමත් එවැනි සිදුවීම් පිළිබ`දව වහාම විනය පියවර ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ මහ ලේකම්වරයා වෙත දන්වා ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම එහි පළමු අවස්ථාවයි.
පක්ෂයේ අභ්‍යන්තර විනය ආරක්ෂා කර ගැනීම ස`දහා ජාතික විනය කමිටුවක් ද පක්ෂ ව්‍යවස්ථාව තුළින්ම ස්ථාපිත කර ඇත. එමෙන්ම කිසියම් කරුණක් සම්බන්ධයෙන් විවිධ මත පල වන අවස්ථා ඇති වුවහොත් ඒවා කළමනාකරණය කිරීම ස`දහා බේරුම්කාරක මණ්ඩලයක් ද පොදුජන පෙරමුණ විසින් ව්‍යවස්ථාපිතව පත් කර ඇත.
මතභේදකාරී අවස්ථාවන් කළමනාකරණය කිරීමේ දී බේරුම්කරණ සංකල්පයට ප‍්‍රමුඛතාව දීමට පොදුජන පෙරමුණ පක්ෂය ආරම්භ කරන මොහොතේම තීරණය කර ඇත.
සංජීව එදිරිමාන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...