දේශීය පුවත්

රජයේ දේශීය කිරි නිෂ්පාදන කි‍්‍රයාවලිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඕස්ට්‍්‍රලියාවෙන් ආනයනය කරන කිරි ගවයන් ස`දහා මුදල් ආයෝජනය කළ ව්‍යවසායකයන්ට ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඵලදායිතාවන් නොලැබීම හේතුවෙන් ඔවුන් විශාල අසාධාරණයකට ලක්ව ඇති බවත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින බව ලංකා කිරි ගොවිපොළ සම්මේලනයේ සභාපති පි‍්‍රයන්ත මනතුංග මහතා ප‍්‍රකාශ කරයි.

කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය විසින් 28 දින දඹුල්ල ‘සියපත’ හෝටලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
විෂය භාර අමාත්‍යාංශ නිලධාරීන් හා කිරි ගවයන් ආනයනය කළ සමාගම් දෙක මුලින්ම කියා සිටියේ එක් ගැබ්බර කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 18-20 ක් අතර ප‍්‍රමාණයක් ලබාගත හැකි බව වූවත් දැනට ලබාගත හැකිව ඇත්තේ කිරි ලීටර් 10-11 ප‍්‍රමාණයක් බවකි. ඔහු එසේම දෙවැනිවර ගැබ් ගැනීමෙන් සියයට 30 -50 ක් කිරි ප‍්‍රමාණයක් හෝ ලබා ගත නොහැකි බවද කීය.

විවිධ ලෙඩ රෝග නිසා මව් සතුන් දිනපතා මියයන බවත් දෙවැනි වර ගැබ් ගැනීමෙන් බිහිවෙන සතුන් ද මියයන බවත් එක ගොවිපොළකින් පැටවුන් 157 ක් මියගොස් ඇති බවත් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
ඕස්ටේ‍්‍රලියාවෙන් ප‍්‍රසිද්ධ වෙන්දේසියෙන් කිරි ගවයකු රුපියල් 125,000 කට මිලදී ගත හැකි බවත් එම කිරි ගවයකු වර්ෂයකට කිරි ලීටර් 8,000 ක් පමණ ලබාදෙන නමුත්, වර්ෂයකට කිරි ලීටර් 3,200 ක් පමණ ලබා දෙන කිරි ගවයකු රුපියල් 4,65,000 කට ලබාදීමෙන් මෙරට කිරි ගොවියාට බලවත් අසාධාරණයක් සිදුකර ඇති බවත් මනතුංග මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පශු වෛද්‍ය නිලධාරී ඉන්දික නානායක්කාර මහතා මෙසේ පැවැසීය.
‘‘ප‍්‍රමිතියෙන් හා ගුණාත්මක තත්ත්වයෙන් දුර්වල කිරි ගවයන් ආනයනය කර ගොවීන් අතර බෙදාහැරීම තුළ මෙරට කිරි කර්මාන්තය අර්බුදයකට ලක්ව තිබෙනවා. පශු වෛද්‍ය සංගමයෙන් කිරි ගවයන් ආනයනය පිළිබ`දව නිර්ණායකයන් ඉදිරිපත් කර තිබුණත් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ. මේ තත්ත්වය ඉදිරියේදී අවම කර ගැනීම සදහා යළි මව් සතුන් ආනයනය නතර කරන ලෙස ඉල්ලා සිටිනවා.එසේම ආනයනික කිරිපිටි සදහා බදු පැනවීම හා එම කිරිපිටි සදහා කිසියම් ප‍්‍රමිතියක් නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිනවා යැයිද කියා සිටියේය.

කිරි ගවයින් 200 ක් හිමි ගොවිපොළ හිමියෙක් වන අමල් සූරියගේ මහතා,‘‘මම රජයේ ප‍්‍රතිපත්තිවලට අනුව ඊට දායකවීම සදහා මිලියන් 1250 ක් ආයෝජනය කළා. දැන් මම ලොකු වංචාවකට හසුවී සිටිනවා.පුද්ගලික ආයතනයක් සමග අමාත්‍යාංශ නිලධාරීන් කීප දෙනෙකු හරහා මෙම ව්‍යපෘතිය කි‍්‍රයාත්මක වුණා. මුල සිටම ගත් කි‍්‍රයාමාර්ග වැරදියි. ඕස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වන ලද එම කිරි ගවයින් ස`දහා තත්ත්ව සහතික ඉල්ලූ‍ විට එය ලබාදීම ප‍්‍රතික්ෂේප කළා. තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරු අනුව විශාල වංචනික කි‍්‍රයාවක් මේ තුළ සිදුව තිබෙනවා. දැන් ණය ලබාගත් බැංකුවලට ණය වාරික හා පොලි මුදල් ගෙවා ගැනීම දුෂ්කරවෙලා. ගොවිපොළ නඩත්තු කටයුතු පවත්වා ගෙනයාම අසීරුවෙලා. ආයෝජකයන්ට ආණ්ඩුව සලකන්නේ මෙයාකාරයට දැයි ගැටලූවක්.’’

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා,
‘‘ ඕස්ටේ‍්‍රලියාවෙන් අවස්ථා දෙකකදී ගෙන්වා බෙදාදුන් කිරි ගවයන් 5,000 ක් මිලදී ගෙන ලබා ගත් කිරි ගොවිපොළ හිමියන් දැඩි අර්බුදයකට මුහුණපාලා. එම කිරි ගවයන්ගෙන් මෙරට තුළ නොතිබූ රෝගකාරක විෂබීජ ආනයනය කරලා තියෙනවා. ගෙන්වූ මව් සතුන් මියයනවා. පැටවුන් සිය ගණනින් මියයනවා.
රජය මේ සදහා විශාල පිරිවැයක් දරුවා. එක් කිරි ගවයකුට ගොවීන් රුපියල් 2,60,000 ක් වැය කළා. තවත් රුපියල් ලක්ෂ පහක් පමණ මුදලක් ගොවිපොළ හිමියන් වැයකළා. දැන් ගොවීන්ට අපේක්ෂිත කිරි අස්වැන්න ලැබෙන්නේ නැහැ. සමහර කිරි ගවයන් ගැබ්බර නැහැ. දෙවැනි වර ගැබ් ගෙන උපදින සතුන් මියයනවා.
ගව පට්ටි හිමියන් විශාල පිරිසක් බැංකුවලට ණය වෙලා. සල්ලි දීලා ලෙඩ හරක් මිලදී ගෙන ඔවුන් අසරණ වී සිටිනවා. කරුණු එසේ තිබියදී මුදල් රෙගුලාසි අමුඅමුවේ උල්ලංඝනය කරමින් යළිත් ඉතිරි කිරි ගවයන් 15,000 ක් ගෙන්වන්න ඩොලර් මිලියන 11.3 මුදල් බැඳලා.

ඉතිරි කිරි ගවයන් ගෙන්වීම වහාම නතර කරන ලෙසත්, මියගිය මව් සතුන්ට හා පැටවුන්ට වන්දි ලබාදිය යුතු බවත්, බැංකුවලින් ලබාගත් ණය මුදල් වාරික ගෙවීම සදහා සහන ලබාදිය යුතු බවත් නාමල් කරුණරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
ඕස්ටේ‍්‍රලියාවෙන් කිරි ගවයන් ආනයනය කිරීම පිළිබදව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් ඊට අමතරව මේ දිනවල නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම ස`දහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා,
‘‘දේශීය කිරි ගොවියා මුහුණපා සිටින ගැටලූ වහාම නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙසත්, දැනට ගෙන ඇති වැරදි තීන්දු තීරණ නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත් අවධාරණය කළේය. ඒ මහතා පශු ක්ෂේත‍්‍රයේ පවතින මානව හා භෞතික සම්පත් ඌණතාව මඟ හැරවීමට පියවර ගන්නා ලෙසත් ‘මිල්කෝ’ හා ‘පැලවත්ත’ යන කිරි සමාගම් දෙක සදහා මහා භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් වහාම ලබාදෙන ලෙසත්, කිරි ගොවියාට ‘මිල්කෝ’ සමාගමෙන් ගෙවිය යුතු මුදල් ගෙවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More