දේශීය පුවත්

වත්මන් රජය කිසිලෙසකින්වත් ජාත්‍යන්තර ආයතන වෙත යටත් නොවන බවත් දේශීය අධිකරණ හා දේශීය විනිසුරන්ගෙන් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගියදා කුරුණෑගලදී පැවැති වැඩසහටනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මානව හිමිකම් ගැන නම් මේ ජාත්‍යන්තර ආයතන අපට පැය 24 තුළම උපදෙස් ලබාදේවි. මානව හිමිකම් අතින් විවිධ දේ කරන්නැයි අපට නියෝග ලබා දෙනවා. අප කිසිම දවසක මේ ජාත්‍යන්තර ආයතනවලට යට වෙන්නේ නැහැ. මෙරට මිනිසුන් ආණ්ඩුවක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් පත් කරගෙන තිබෙනවා. අප දේශීය අධිකරණවලින් සහ දේශීය විනිසුරුවරුන්ගෙන් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරනවා.

සත්‍යය කතාව මෙයයි. නමුත් ඒ ඇත්ත තිත්ත විය හැකියි. ජාත්‍යන්තර සංවිධාන මිනිසුන්ගේ නැති බැරිකම උලුප්පා මාධ්‍ය සංදර්ශන නිර්මාණය කිරීම නතර කර අසරණ ජනතාවට නිවාස සෑදීමට මීට වඩා මැදිහත් විය යුතු යැයි මා විශ්වාස කරනවා.

මානව අයිතීන් ගැන එක එක ප්‍රකාශ නිකුත් කරනවා වගේම මෙරට අසරණ ජනතාවට නිවාස හදන්න ආධාර මුදල් ලබා දෙන්නැයි එක්සත් ජාතීන්ගේ හැබිටෑට් ආයතනයට මා හඬ නඟා පවසනවා.

ලබන වසරේදීත් ජනාවාස දිනය පැමිණෙනවා. තවදුරටත් මා ඇමති වී සිටියොත් ලබන වසරේ ලෝක ජනාවාස දිනය සමරනවද නැද්ද කියා තීරණය කරනවා. හෙට අනිද්දා කුමක් වෙයිද කියා අප දන්නෑ. මේ ආකාරයෙන් තවදුරටත් ලෝක ජනාවාස දිනය සමරන්නට මා සුදානම් නැහැ.”

ada



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More