බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යංශය තෝරා ගත්තේ මිනිසා ප්‍රමුඛ සියලු සත්ත්වයන්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජාතික පරිසර සමුළුව අමතමිනි.
විල්පත්තු වන විනාශය ගැන චෝදනා එල්ල වූ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාද සහභාගී කර ගනිමින් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ආරම්භ කිරීම විශේෂයක් බව පරිසරවේදී හු පවසති.
බදුර්දීන් ඇමතිවරයා ලවා ගස් සිටුවීමටත් ගස් ලක්‍ෂයක් රැක බලා ගැනීම ඔහුට පැවරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...