දේශීය පුවත්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් දෙදෙනකු ලකුණු 199 බැගින් ලබා මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇති අතර, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ කේ. සනූප දිමත් පෙරේරා සිසුන් දෙදෙනා එසේ ප්‍රථම ස්ථාන ලබා ඇත.

එමෙන්ම ලකුනු 198 බැගින් ලබා දෙවැනි ස්ථානය දිනා ගැනීමට මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා, යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් සහ චාවාකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නාවාස්කන් නාති සිසුන් තිදෙනා සමත්ව තිබේ.

ලකුණු 197ක් ලබා තෙවැනි ස්ථානය ලබා ගැනීමට වවුනියාව නෙළුක්කුලම් සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර හරිතිකන්සුජා සමත්ව තිබේ.

ලකුණු 196 බැගින් සිසුන් 23 දෙනකු සිවුවැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබීම ද මෙවර තවත් වි‍ශේෂත්වයකි.

ඒ අනුව කොළඹ රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ නෙෂිකා සම්දිනේෂ්, කොළඹ 04 මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සුබා සකීර් මොහොමඩ්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ යෙනුලි බිනාරා, පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ නෙතුම් ධම්සර, පොල්ගස්ඕවිට වෑතර කනිෂ්ඨ විද්‍යාලයේ තෙහස් සෙලිත කරුණාරත්න, අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේ චමෝද් කවිශ්ක තත්සරණ, හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ හිරන්දි දහම්යා හපුතන්ත්‍රි, පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ මනීත ප්‍රනාන්දු ජයසූරිය, මාතර සුජාතා විද්‍යාලයේ වත්සුණු ඉඳුවරා රංගජීව, මාතර සුජාතා විද්‍යාලයේ සචිනි ඔනාරා වඩනම්බි, කිරම ධම්මානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සදීශ නිම්සර, නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ කිත්මිණි නවෝද්‍යා හෙට්‍ටිආරච්චි, වැලිපැන්නගහමුල්ල හොරතෑපොළ මහානාම මහා විද්‍යාලයේ අදීශා දෙව්විණි සමරසිංහ, වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ රනිරු ෂෙනාල් සිල්වා, හලාවත බෞද්ධ බාලිකා විද්‍යාලයේ අමා මෙත්පහනි, තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයේ අයෝධ්‍ය උදාන් රාජපක්ෂ, හල්ග්‍රන්ඔය සාන්ත ලෙනාඩ්ස් දෙමළ විද්‍යාලයේ නිලුක්ෂිණී වික්ටෝරියා, ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ පසිඳු භාෂිත රණසිංහ, අක්කරේපත්තුව සහිරා විද්‍යාලයේ තස්ලීම් ශල්ජි අහමඩ්, මඩකළපුව යුනිච්චායි රජයේ මිශ්‍ර පාසලේ ජෙයරාජ් තුහින් තාරේෂ්, කිලිනොච්චි මහා විද්‍යාලයේ කනගලිංගම් තෙනූෂන්, යාපනය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ජෙයන්තන් කිරුප්පා සහ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ සරුබා සිවනේස්වරන් එසේ සිවුවැනි ස්ථානය ලබා තිබේ.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් වෙත ඊයේ (5) විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙතින් නිකුත් කිරීමට පියවර ගත් බවත්, අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවැසීය.

එමෙන්ම, කිසියම් සිසුවකුගේ ලකුණු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ ඔක්තෝබර් 20 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් මඟින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බවත්, ඒ පිළිබඳ වැඩි දුර උපදෙස් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු ලබන ලිපියේ සඳහන් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More