දේශීය පුවත්

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණ කළ බව කියන ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ නියෝග මත එම ඒකකයේ පරිහරණය සඳහා ලබාගෙන තිබූ සැක කටයුතු එල්.එම්.ජී. ගිනි අවි දෙකක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (05 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ලබාගෙන ඇති මෙම ගිනිඅවි දෙක පොලිස්‌ මධ්‍යම අවි ගබඩාවේ තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර එය අධිකරණයට ඉදිරිපත් කර එම අවි යොදාගෙන අපරාධයක්‌ සිදු කළේද යන්න විමර්ශනය සඳහා රජයේ රස පරීක්‍ෂකවරයකු වෙත යවා තිබේ.

අවි ලබාගැනීම සඳහා නියෝග ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

එම අවි ලබාගෙන දින දෙකකට පසු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඒවා නැවත මධ්‍යම අවි ගබඩාව වෙත භාරදී ඇති අතර මෙම අවි දෙක රැගෙන යැම සහ ආපසු භාරදීම පිළිබඳව විශාල සැකයක්‌ මතුවී ඇති බවද, ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයට අවි ආයුධ රැගෙන යැමට කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More