ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඇතුළු එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවලදී නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාට වැඩි වගකීම් ලබාදීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පක්ෂයේ ඉදිරි කටයුතුවලදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සේවය වැඩි වැඩියෙන් ලබා ගැනීමට කි‍්‍රයාකරනු ඇතැයිද එම එම ආරංචි මාරග පෙන්වා දෙයි.
පසුගිය සතියේදී පැවැත්වූ පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධව ඉඟි රැසක් පළ වී ඇති බවත් එය පක්ෂ අනාගතයට සුබ පෙර නිමිත්තක් බවත් එම ආරංචි මාරග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...