දේශීය පුවත්

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කරන ලද කාන්තාවක් ලෙස අද තමන් ඒ ගැන කනගාටුවට පත් වන බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. ගැටලු සහගත තත්වයන් පැනනැගුණු අවස්ථාවල ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් අද පවතින බවද ඇය පවසා සිටියාය.

ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පුරපතිනිය මේ බව සඳහන් කළේය.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව නගර සභාවේ කසළ බාර නොගැනීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද ඇය පැවසීය.

කුණු ටොන් එකක් සදහා සංස්ථාවට ගෙවනු ලබන මුදල ඉහල දැමීම නිසා මෙම ගැටුම ඇති වී ඇති බව ද ඇය සඳහන් කළේය.

කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම අද සිට නතර කිරිමට සිදුවනු ඇතැයි ද , රෝසි සේනානායක මහත්මිය පවසා සිටියේය.

මේ අතර කොළඹ නගර සීමාවේ එක් රැස්වන කැළි කසල , ඉඩම් ගොඩකිරිමේ සහ සංවර්ධනය කිරිමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය කසල අංගනය වෙත බැහැර කෙරුණු අතර හිඟ මුදලක් නොගෙවී‍ම හේතුවෙන් ඊයේ සිට ඔවුන් කසල භාර ගැනිම නවතා දමා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More