එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව ලබන 10වැනිදා රැස්වීමට නියමිතව තිබේ. මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින සියලූ පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කෙසේවෙතත් එම සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ කර ගනිමින් නව ගමනක් යා යුතු බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණි. ඒ සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණේ ඉන් පසුවය. ලබන 10වැනිදා රැස්වන එම කමිටුව දින 14ක් ඇතුළත ගැටලූ නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් ලබා දිය යුතුව බවද වාර්තාවේ.
මේ අතර ලබන අයවැයට පෙර නව ආණ්ඩුවක් බිහිවෙනු ඇතැයි දේශපාලන ආරංචි සදහන් කරයි. අනතුරුව මාස 06ක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වනු ඇති බවත් 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි වැඩිදුරටත් සදහන් කරයි.
එහිදී පත්වන ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මාසයේදී දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතැයිද එම ආරංචිමාර්ග ඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...