වත්මන් අගවිනිසුරු වන ප්‍රියසාද් ඩෙප් මහතා එන 12දා ධුරයෙන් විශ්‍රාම යාමත් නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
වනසුන්දර මහත්මිය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන අතර 2011 දී ඇය මෙරට ප්‍රලමු නීතිපතිවරිය ලෙසද පත්වූවාය.
වනසුන්දර මහත්මියට විශ‍්‍රාම යාමට තවත් ඇත්තේ මාස තුනක කාලයක් පමනි.
කෙසේ වෙතත් වත්මන් නීතිපති ජයන්ත ජයසුරිය මහතාද අගවිනිසුරු ධුරයට පත් කරනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කලත් එය සිදු නොවනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මා්ග සදහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන නම ව්‍යවස්ථා සබාව විසින් අනුමත කල යුතු වුවත් මේ වන තෙක් ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පත් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...