දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මධ්‍යම කාරක සභාව 20වන සංශෝධනය පිළිබද සලකා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතත් එම කමිටුව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකඟ නැතැයි ප්‍රකාශ කරනු ලැබ ඇති බවත් එම අදහස සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් මේ වන විට එකඟ වී ඇති බවත් ඔහු පැවසීය.

මීට පෙර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය හරහා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ නැතැයි ප්‍රකාශ කර තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

පළාත් සභා ක්‍රමය පවතින්නේ නම් සෘජු ඡන්දයෙන් බලයට පත්වෙන විධායක ජනාධිපති වරයෙකු සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස බව ඔහු වැඩිදුරටත් කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More