දේශීය පුවත්

ගිනි අවියක් අතැතිව කලහකාරී ලෙස හැසිරුණු ‍තෙබුවන පොලිස් ස්ථානයේ සැරයන්වරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට විරෝධය පළ කරමින් සහ ඔහුට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් තෙබුවන ප්‍රදේශවාසීන් අද(07) ස්ථාන දෙකකදී උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි.

තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා විසින් ඉකුත් දා අත්අඩංගුවට ගැණුනු වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් ස්ථානාධිපතිවරයා ඊට පසු දින නිදහස් කිරීම පිළිබඳ විරෝධය පළ කරමින් ටි.56 ගිනි පසුගිය 3වනදා අවියක්ද රැගෙන තෙබුවන මංසන්ධියට පැමිණ තම විරෝධය පළ කළේය.

පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.

එම පොලිස් සැරයන්වරයාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් තෙබුවන ප්‍රදේශවාසීන් අද තෙබුවන සහ කළුතර නගරවල උද්ඝෝෂණ සංවිධාන කර තිබුණි.

අද පෙරවරුවේ තෙබුවන නගරයේ සිට පාගමනින් පැමිණි ප්‍රදේශවාසීන් තෙබුවන පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණි.

මේ අතර තවත් ප්‍රදේශවාසීන් පිරිසක් කළුතර නගර මධ්‍යෙය් සිට විරෝධතාව පළ කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

.

LTTE යේ අවුරැදු 05ක් රට වෙනුවෙන් සිර බත් කෑ, වැලි ප්‍රවාහන බලපත්‍රයක් සම්බන්දව නැවත සිරි ගෙදරට යන පොලිස් සැරයන්වරයා වෙනුවෙන ගමක් පාරට බසි.අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ. ඉකුත් 29 වැනි දින බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරන ලද ලොරියක් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනඒමෙන් පසු නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකර තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා මුදා හැරීමට විරෝධය පලකරමින් පොලිස් ස්ථානයෙන් රැගෙන ආ ටී56 ගිනි අවියකින් වෙඩි තබාගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සැරයන්වරයාගෙන් ගිනි අවිය මුදාගැනීමෙන් පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙම මස 09 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කළහ. අදාල පොලිස් සැරයන්වරයා නිසිලෙස නීතිය ක්‍රියාත්මක කර තිබුණත්, පොලිස් ස්ථානාධිපතිවරයා වැලි ව්‍යාපාරිකයන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ප්‍රෙද්ශවාසීන්ගේ දැඩි විරෝධය එල්ලවිය.විවිධ වැකි ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදුණහ. මේ පිළිබඳව ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ ‘‘ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට පත්වූ සිද්ධියක්.. මේ වැලි ප්‍රවාහනය කරන ලොරිය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් අදහස් සහ විවිධ මතිමතාන්තර පැතිරෙන්නට පටන්ගත්තා… ඒ අනුව රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට බාරදුන්නා. විශේෂයෙන් සිදුකළ වැටලීම පිළිබඳවත්, ඒ වැලි ලොරියට තිබුණ බව පවසන බලපත්‍රය පිළිබඳ විමර්ශණය කිරීමට නියමිතයි.. යනුවෙන් පැවැසීය.

Gepostet von Lanka Lead News am Sonntag, 7. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More