ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට පැමිණ අලුත් අගමැති කෙනෙකු සමග අලුත් ආණ්ඩුවක් හැදෙන්නේ නම් ඒ සමග සිටගැනීමට එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලි වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ හාලිඇල ඉඹුල්ගොඩදි පැවැති ජනහමුවක් අමතමිනි.
තමා සඳහන් කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගියදා අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂය ජන්දය දීමට සූදානමින් සිටියෙකු බවටද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී ඉඟියක් පළකළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුථවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත්කරන්න. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.” යැයි පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...