දේශීය පුවත්

මහින්ද රාජක්ෂ මහත්තයා ප්‍රමුබ ඒකාබද්ධ විපක්ෂයේ අපි මොනම වෙලාවකවත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමග එකට හවුලේ යන ආණ්ඩුවක එකග නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියා සිටියේය.

“මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබදව අපිට විශ්වාසය තැබිය හැකි කාල සීමාව මේ වන විට ඉක්ම ගොස් තිබෙනවා. එතුමා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට අපිට කිව්වා මාස තුනක් ඇතුලත මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නිසා මම ගැන විශ්වාසය තියල 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය දෙන්න කිව්වා. මම විස්ස ගේනව කිව්වා. දැන් අවුරුදු තුන හමාරක් උනා එතුමාට තාම විස්ස ගේන්න බැරි උනා. මේ තමයි විස්වාසය බිදපු ආකාරය. මූල්‍ය වංචා කොට්ඨාශය පිළිබදව ගැසට් පත්‍රය ගෙන ආ වෙලාවේ අපි පුද්ගලිකව ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කලා මේ බරපතල ආකාරයේ දේශපාලන දඩයමක් ඉලක්ක කරගෙන තිබෙනවා මේ මූල්‍ය වංචා කොට්ඨාශය පිළිබදව ගෙනා ගැසට් පත්‍රය අවලංගු කරන්න කියලා. මම දැක්කෙවත් නැහැ ඒක මම වහාම ඒක අවලංගු කරනවා කියලා. නැගිටලා ගියා අද වෙනතුරුත් ඒක එහෙමමයි ජනාධිපතිතුමා අපේ විශ්වාසය බින්දා.”

“ඉන් අනතුරුව 2015 අගෝස්තු මාසයේ පවතින මහ මැතිවරණයේදී එතුමා ප්‍රකාශ කලා ඊලගට බලයට පත්වෙන්න ඕන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක්ය කියන ප්‍රකාශය කලා.”අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිගත්තා. හැබැයි මැතිවරණය අවසාන දවස් වන විට අගෝස්තු මාසයේ 14 රාත්‍රීයේ එතුමා ප්‍රකාශයක් කරනවා මහින්ද රාජපක්ෂ අගමැතිකමට සුදුසු නැහැ. රනිල් වික්‍රමසිංහ හොරෙක් නෙවෙයි. රනිල් හොද කෙනෙක් ඒ නිසා අපි රනිල් එක්ක ආණ්ඩුවට යනවා කියන එක එතුමා ප්‍රකාශ කලා.ඒක අපේ මැතිවරණ ජයග්‍රහණය අවලංගු කරල දැම්මා. ඉන් අනතුරුව නැවත වතාවත් විපක්ෂ නායක වරයා තෝරා ගැනීම සම්බන්ධ ප්‍රශ්ණයේදී අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් විපක්ෂ නායක වරයා සම්බන්ධ ඉල්ලීම කරන්න ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහිල් අපි ඉල්ලීම බාරදුන්නා ඒ ඉල්ලීම බාරගත්තා.”

“අපි පාර්ලිමේන්තුවට එනකොට විපක්ෂ නායක ධූරය සම්බන්ධන්ට දෙන්න තීන්දු කරල. ඒ වතාවෙත් අපේ විශ්වාසය කඩල දැම්මා. මෑත කාලයේ ඉතා ආසන්නයේ ආව විශ්වාස භංග යෝජනාවක් අගමැතිවරයාට විරුද්ධව මේ විශ්වාසය ජයග්‍රහණය කිරීමට ඉතා ආසන්නව පැය කීපයක් තියෙද්දී ජනාධිපතිතුමා නැවත වතාවක් අගමැතිතුමා බේරාගන්න විශ්වාස භංගය පාවාදීම කලා. මෙන්න මේ ආකාරයට කටයුතු කරපු මෛත්‍රීපාල ජනාධිපතිතුමා පිළිබදව එතුමා කියන යම් යම් ප්‍රකාශ පිළිබදව විශ්වාසය තියල තවදුරටත් භාරකාර ආණ්ඩු හෝ සභාග ආණ්ඩු ලෙස ඒකාබද්ධ විපක්ෂය හැටියට එකගවීමේ බරපතල ගැටලුවක් අපිට තියෙනවා.ඒ නිසා අපි වර්තමාන ජනාධිපතිතුමා කියන දෙයක් අපි විශ්වාස කරන්නේ නැහැ.අපි කියනවා පුලුවන්නම් මේක ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්වන්න. රට යන බරපතල අගාධයෙන් රට යන බරපතල මේ තත්වයෙන් ගොඩගත යුතුයි කියන එක පිළිබදව කිසිදු තර්කයක් හෝ සැකයක් නැහැ.අපි සූදානම් මේ සදහා නායකත්වය දෙන්නට හැබැයි ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරල පෙන්වන්න ඕන.නැත්නම් ඔහු කියන කිසිම දෙයක් එක තුට්ටුවකට තබේකට විශ්වාස කරන්න අපි සූදානම් නැහැ.”යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ඇඹිලිපිටිය- ප්‍රගීත් ජනක)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More