රට තුළ තෙල් අර්බුදයක් නිර්මාණය වීමේ වගකීම රජය බාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි.ඒ.රාජකරුණා මහතා පවසයි.
රට තුළ තෙල් සංචිත පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් ලබා නොගැනීමට අයි.ඕ.සී. සමාගමේ බලපෑම මත රජය පියවර ගෙන තිබු බව ඔහු පෙන්වා දෙයි.
ත්‍රිකුණාමලයේ පවතින තෙල් ටැංකි ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් අග්‍රාමාත්‍යවරයා එය අහෝසි කළ බව ඩි.ඒ.රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ඉන්ධන රැගත් නෞකාව මේ වන විට ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි..
එහි ඉන්ධන යළි රට තුළ බෙදා හැරීම සඳහා සූදානමක් පවතින බව ලංකා ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා චෝදනා කළේය.
IOC සමාගමට අයත් එම නැව ත්‍රිකුණාමලයේ නවතා තිබුණද, ප්‍රතික්ෂේප කළ ඉන්ධන කිසිසේත් නැවත ලබා නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...