ෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සන්ධාන විධායක සභාව කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සීෂෙල්ස්හි සංචාරය සඳහා අද (08) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා අනිද්දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
මේ දිනවල අන්දෝලනයට ලක්ව ඇති වත්මන් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පක්ෂ මධ්‍යම කාරක සභාවත් සන්ධානයේ විධායක සභාවත් මෙසේ කැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
මේ අතර වත්මන් දේශපාලනික තත්ත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත්කරන ලද කමිටුව ද අනිද්දා (10) පළමු වරට රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...