හැකිනම් භාරකාර ආණ්ඩුවක් පත් කර හෝ 2019 අයවැය ඡන්දය පරාජය කර හෝ පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
භාරකාර රජයක් පිළිබඳ අද (09 දා) දිනයේ ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ සාකච්ඡාවක් පවත්වන බවට වාර්තා වී ඇති අතර භාරකාර රජයක් පත්වීම වැනි කාරණා පිළිබඳ තම පක්ෂ කලබල වෙන්නේ නැති බවත් මන්ත්‍රීවරයා පැවැසීය. 2015 ජනවාරි 08 බලයට පත් වූ දින ඒකාබද්ධ විපක්ෂයේ මෙවැනි ගැට, මරතොණ්ඩු දැමීමට උත්සාහ කළත් මේ ආණ්ඩුව ඒ සියල්ල අභිබවා ඉදිරියට යන බවත් පැවැසීය.
කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පකෂයේ පිරිසක් සමග එක්ව භාරකාර රජයක් පිහිටුවීමට උත්සාහ කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරු දහයක්, පහළොවක් පමණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමට කිසිදු කැමැත්තක් නැති බවත් ඒ මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පිරිසක් සමග එක්වී භාරකාර ආණ්ඩුවක් හැදීමට ප්‍රථමව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් පිරිස සමග එක්වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව ද තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
එමෙන්ම තවත් ටික දිනකින් 2019 සඳහා වූ පාර්ලිමේන්තු අයවැය විවාදය පැවැත්වෙන අතර අවශ්‍ය නම් අයවැය ඡන්දය පරදා බලයට පැමිණිය හැකි බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...