දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09දා) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විකල්ප ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් තමා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා “මව්බිම”ට ප්‍රකාශ කළේය.

විකල්ප ආණ්ඩුව කඩිනමින් පිහිටුවීමට පියවර නොගතහොත් රටේ වර්තමානයත්, අනාගතයත් විනාශය කරා ගමන් කරන බව පෙන්වාදෙන මන්ත්‍රිවරයා තව දුරටත් කියා සිටින්නේ ඊට පෙර විකල්ප ආණ්ඩුව ගොඩනැංවීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

විකල්ප ආණ්ඩුව ගොඩනැංවීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව අතර සිදුවී තිබෙන සාකච්ඡාවල ප්‍රගතිය සහ ඉදිරියට කළ යුතුදේ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම විකල්ප ආණ්ඩුව පිහිටුවීමේ පළමු පියවර බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දැඩි අවධානයකින් පසුවන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කර මහතා ප්‍රකාශ කළේය.

මවිබිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More