රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට හා අංශ ප්‍රධානීන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව ඉවත් කිරීමට එරෙහිව එහි වෛද්‍ය පිඨයේ පීඨාධිපති තනතුර ඇතුළු ආචාර්යවරුන් සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
උපකුලපතිවරයා විසින් මෙම දීමනාව අහිමි කර තිබෙන බවත්, මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සති තුනක් පුරා සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා සිටියේය.
එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් උපකුලපති තනතුර හැර වෛද්‍ය පීඨයේ පවතින තනතුරුවල සේවය කරන සියලු දෙනා අද (09දා) දහවල් 12 තනතුරුවලින් ඉවත් වූ බවත්, ගැටලු විසඳනතෙක් ඉගැන්වීම් කටයුතු අකුරට සිදු කිරීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.
විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...