දේශීය පුවත්

තෙල් මිල සූත්‍රය තමන්ටද නොවැටහෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

නමුත් මිල සූත්‍රය රහසක් නොවන අතර එය සකස් වී ඇති ආකරය හා එයට අනුව තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ දැනුවත් පාර්ශවයන් ගෙන්වා දැනුවත් කිරීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මිල සුත්‍රය පිළිබඳව ජනතාව වියවුල් තත්ත්වයකට පත්විය යුතු නැති බවයි සමරවීර මහතා කියා සිටියේ.

“සූත්‍රය ගැන හිතනවාට වඩා ප්‍රධාන දේ ලෝක තෙල් මිල වැඩි වෙද්දී තෙල් මිල වැඩි වෙනවා. ඩොලරයේ අගය පහළ ගොස් රුපියල ශක්තිමත් වන විට තෙල් මිල අඩුවෙනවා. එහෙම තේරුම් ගැනීම ප්‍රමාණවත්.”

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටෙන විට දේශීය වෙළෙඳ පොළේ තෙල් මිලද අනිවාර්යයෙන්ම අඩුවන බව සමරවීර මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More