රුපියල් බිලියන 14ක නිවාස ව්‍යාපෘතියක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික වගවීමේ කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පාකිස්තාන විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් දින දහයකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පාකිස්තාන ජාතික සහ පළාත් සභාවන්හි මැතිවරණ තිස්හතක අතුරු මැතිවරණය ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබියදී එලෙස අත්අඩංගුවට ගැනීම සැකසහිත බව විපක්ෂය පෙන්වා දෙයි.
පාකිස්තාන විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැනීම එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයේ බලධාරීන්ගේ උපදෙස් මත සිදු වූ බවටද විපක්ෂය චෝදනා කරයි.
ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුව විරුද්ධවාදීන් මර්දනය කිරීම ආරම්භ කර ඇතැයිද ඒ සඳහා පාකිස්තාන දූෂණ විමර්ශන කාර්යාංශය සහ ආයතන යොදා ගන්නා බවද ඔවුන් පෙන්වා දෙයි.
විපක්ෂ නායක ෂබාස් ෂරීෆ් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම එහි පළමු පියවර බවද විපක්ෂය ප්‍රකාශ කරයි.
කෙසේ වුවද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ රජයේ ප්‍රධානීන් පෙන්වා දෙනුයේ විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා රජයෙන් කිසිදු බලපෑමක් නොකළ බවය. එරට සිදු වූ දූෂණ ක්‍රියාවන් විමර්ශනය කිරීමට පවරා ඇති ආයතන මඟින් එම කටයුතු සිදුකරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...