සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී අද(9) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද සාකච්ඡාව මීට ටික වේලාවකට පෙර අවසන්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත්ය.
ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වැඩි වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද ඔහු පෙන්වා දී ඇත.
රට පත්ව ඇති තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ආණ්ඩුව ලබා දුන්නොත් එය බාර ගැනීමට නොපැකිලෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
කෙසේවෙතත් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි මූලික කටයුතු සිදුකළ යුතු වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා එය ඔහු විසින් සිදුකරන තෙක් බලා සිටිය යුතු බවද එම මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇත.
සභාග ආණ්ඩුවක් ගැන මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිචාර නොදක්විය යුතු බවටද ඔවුන් කතිකා කර ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම හමුව අමතමින් සඳහන් කර ඇත්තේ භාරකාර හෝ සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තමන් විරෝධය නොපාන නමුත් තමන් ආණ්ඩු පක්ෂයේ අසුන් නොගෙන විපක්ෂයේ අසුන් ගන්නා බවයි.
ඊට එකඟ නොවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ කණ්ඩායමක් ලෙස ගන්නා තීන්දුව කණ්ඩායම සාමූහිකව ක්‍රියාත්මක කළ යුතු බවය.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී අද පැවති මන්ත්‍රී හමුව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන කිසිදු මන්ත්‍රීවරයෙක් කැඳවා නොතිබූ අතර මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු ද කැඳවා නොතිබුණි.
ඒ ගැනද සැලකිලිමත් වී ඇති හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම පිරිසද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායම සමඟ හෙට දිනයේ සාකච්ඡා කිරීමට වහා කැඳවන ලෙසයි.
අයවැයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...