වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කූපර් නම් පොලිස් නිල සුනඛයා විදුලි සැර වැදීමෙන් අද(10) උදෑසන මිය ගොස් ඇත.
මෙම සුනඛයා අද උදෑසන ව්‍යායම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් ක්‍රීඩාංගණයේ සිදුවු විදුලිය කාන්දු වීමකින් මෙම අනතුර සිදුවී ඇති අතර කූපර්ගේ හසුරවන්නා වන පොලිස් කොස්තාපල් උදය කුමාර (30018) සුනඛයා බේරා ගැනීමට දැරූ උත්සාහයේදී තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුල් කර තිබේ.
මිය යන විට කූපර්ගේ වයස වසර දෙකහාමාරක් වන අතර ඔහුගේ මරණ පරීක්ෂණය වව්නියාව දකුණ පශූ වෛද්‍ය කාර්යාලයේදී අද සිදු කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...