රුපියල් ලක්ෂ 1500 ක මුදලක් කිසියම් ඇමැතිවරයෙකුගේ ගිණුමට බැරවී ඇතිනම් ඔහු සම්බන්ධයෙන් හැකි ඉක්මණින් පරීක්ෂණයක් පවත්වා කරුණු හෙළි කරන ලෙස ඉල්ලමින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් බාරදුන් බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
කැබිනට් ඇමැතිවරයෙකුගේ ගිණුමකට රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරව ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසූ බවත් එවැනි කිසිදු මුදලක් ඇමැතිවරයෙකුගේ ගිණුමකට ලැබි නැති බව තමාට දැනුම් දුන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයෙකුගේ ගිණුමකට ලක්ෂ 1500ක මුදලක් බැරව ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කළ සිලෝන් හයිස්පීඩ් රේල්වේ නම් සමාගමක අධ්‍යක්ෂවරයෙකු විසින් එම ව්‍යාපෘතිය අනුමත කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක කොමිස් මුදලක් මා සහ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටි බවට කර ඇති චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යකි. එම පාර්ශ්වය මා කිසි දිනයක හමුවී නැත.
මීට අමතරව පසුගිය සතියේදී මාධ්‍ය ආයතන හා වබේ අඩෙවි විසින් මාගේ බැංකු ගිණුමට රුපියල් මිලියන 150ක මුදලක් බැර කිරීම සඳහා ලැබි ඇති බවත් මහ බැංකුව විසින් එම මුදල තහනම් කොට ඇති බවටත් චෝදනා කොට තිබේ. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවකි. කෙසේ නමුත් මුදල් ලැබුණු ඇමැතිවරයෙකු සිටී නම් ඔහුට විරුද්ධව හැකි ඉක්මණින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලා සිටි අතර එම ලිපිය මේ සමග සභාගත කරමි.
අප අපේක්ෂා කළ මාධ්‍ය නිදහස මෙයද? මෙය වල්බූරු නිදහස මිස වෙන යමක් නොවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...