දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බවට මාධ්‍ය මගින් පලවූ පුවත අසත්‍ය බව හිරුණිකා මන්ත‍්‍රීවරිය අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නගමින් අදහස් දැක්වූ හිරුණිකා මන්ත‍්‍රීවරිය කියා සිටියේ තමා වරදක් නොකර ඇති බැවින් කිසිදිනක එම වැරුද්ද පිළි නොගන්නා බවයි.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප‍්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලූන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 165000 ක දඩ නියම කළ අත පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 285000 වන්දියක් ගෙවීමට නියම කෙරිණි.
මීට අමතරව අද දිනයේ ප‍්‍රධාන පුවත්පත් වල මගනැගුම සුබසාධක ගිණුමකින් හිරුණිකා මන්ත‍්‍රිවරයට කෝටි 02ක් ලබාදුන් මුදලක් සම්බන්ධයෙන් පළවු පුවතක් සම්බන්ධයෙන්ද මන්ත‍්‍රිවරිය ඉතාමත් ආවේගයෙන් අදහස් දක්වා සිටියේය.
හිරුණිකා මන්ත්‍රී තුමියගෙන් හිරු, දෙරණ නාලිකා වලට ෙදහි කපයි
Gepostet von Lanka Lead News am Mittwoch, 10. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...