දේශීය පුවත්

රජයත් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා සයිටම් විරෝධී උපවාසය අඛණ්ඩව පවත්වන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිට දහසකට ආසන්න දෙමාපියන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් පාගමනින් දන්තායතන පරිශ්‍රයට පැමිණ මාරාන්තික උපවාසය ඊයේ සවස ආරම්භ කළේය.
දෙමාපිය සංගමයේ පියවරුන් 5 දෙනකු මෙම උපවාසය සඳහා සහභාගි වන බවත් ඔවුන් ඝණ ආහාර ගැනීම ඊයේ සවස සිට නතර කර ඇති අතර රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් දියරමය පානයන්ද නතර කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවැසීය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා තම සංගමයට ලිඛිත කිසිදු දැනුම්දීමක් කර නොමැති අතර එසේ ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් සාකච්ඡාවට සහභාගි වන බවද වෛද්‍ය කරුණාසිරි මහතා සඳහන් කළේය.
සයිටම් අහෝසි කිරීමකින් තොරව විසඳුමක් තම සංගමය කිසිවිටෙකත් බලා‍පොරොත්තු නොවන බවද හෙතෙම පැවැසීය.

මෙම මාරාන්තික උපවාසය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පියවරුන් දෙදෙනකුද රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙදෙනකු හා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක් පියෙක්ද සහභාගි වනු ඇත.
මෙම උපවාසය සඳහා තවත් දෙමාපියන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද සහභාගි වීම සඳහා සූදානමින් සිටින බවද වෛද්‍ය කරුණාසිරි මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More