‘ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම’ යන මැයෙන් විශේෂිත අන්තර්ජාතික සමුළුවක් අද 11 දා උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ විය.
දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්පිරීමකි. සමුළුවේ ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර සමුළුවට ඔහු පැමිණි නමුත් නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.
නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුක්තක් සඳහා ශාලාවෙන් පිටත්ව යෑමට ඇති බවයි. පසුව ජනාධිපතිවරයාට වේදිකාවේ වෙන්කර තිබූ අසුනට විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට පැමිණෙන ලෙස ආරාධනා කෙරුණි.
ඔහුද නොපැමිණි අතර නිවේදිකාව සමාව ආයාචනා කරමින් එම අසුන කථානායක කරූ ජයසූරිය මහතාට ආරාධනා කළාය. ලක්ෂ්මන් කදිරගාමන් ආයතනයේ අධ්‍යක්ෂ ගනේෂන් විග්නරාජා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන අයගේ පිළිගැනීමේ කතාවෙන් හා අරමුණ පැහැදිලි කිරීමේ කතාවෙන් පසු ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබීය.
අග්‍රාමාත්‍ය රයාගේ දේශනාව යන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බව සංඥා කළ අතර දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වේදිකාව තුළ එහාට මෙහාට ගමන් කරමින් සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු දක්නට ලැබුණි.
-Ada
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...