දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 69 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

මෙහිදී තවත් දේශපාන තීන්දු කිහිපයක් ගැනීමටද නියමිතය. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (9) රාත්‍රියේ ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට සහ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කර නොතිබිණි.

එහිදී මේ සම්බන්ධයෙන් තමාට ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සමගද සාකච්ඡා කළ යුතු බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම සාකච්ඡාව අද (11) රාත්‍රියේ විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More