දේශීය පුවත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව තම කණ්ඩායම අතර සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ඊයේ (11) රාත‍්‍රී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප‍්‍රියදර්ශන යාපා , ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, ඇතුලූ ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.

සභාග ආණ්ඩුව ගැන විසඳුමකින් තොරව ඒකාබද්ධ පක්ෂ නායක හමුව නිම වෙයි

සභාග ආණ්ඩුව ගැන විසඳුමකින් තොරව ඒකාබද්ධ පක්ෂ නායක හමුව නිම වෙයි#lka #JointOpposition #News1st

Gepostet von Newsfirst.lk am Donnerstag, 11. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More