ඡන්දය ප්‍රකාශ කිරීමට සුළු පිරිසක් පැමිණීම හේතුවෙන් රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණය පරාජය වූ බව පැවැසෙයි.
විවාහයක් සිදුවිය යුත්තේ කාන්තාවක් හා පිරිමියකු අතර පමණක් ලෙසට ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැතිද යන්න ගැන මෙම ජනමත විචාරණයේදී විමසා බැලිනි.
මේ සම්බන්ධයෙන් සියයට තිහකගේ ඡන්ද ලැබිය යුතු වුවද ලැබුණේ සියයට විස්සකට කිට්ටු ගණනකි. මේ සම්බන්ධයෙන් පැවැති පූර්ව මැතිවරණ සමීක්ෂණයකදී සියයට අනූවක් දෙනා ව්‍යවස්ථා වෙනසකට කැමැත්ත පළකරනු ඇතැයි වාර්තා වීම නිසා මෙම ප්‍රතිඵලය බොහෝ දෙනාගේ විමතියට හේතුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...