දේශීය පුවත්

සභාග ආණ්ඩු සම්බන්ධයෙන් වන අදහස් කට කතාවන් පමණක් බවත් මෙතෙක් කිසිදු නිල සාකච්ඡාවක් ඒ වෙනුවෙන් පවත්වා නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ස්මන් පියදාස මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධාකාර ප්‍රකාශ කළ ද ඒ සියල්ල කටකතා හා ප්‍රවාද පමණක් බවත් ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එජාපය එක්ව ගෙන යන වත්මන් සම්මුති ආණ්ඩුවේ මෙතෙක් ප්‍රතිවිරෝධතා මතුවීමක් සිදුව නොමැති බවද, යම් තීන්දු තීරණ ගැනීමේදී ශ්‍රී ලනිපය කටයුතු කරන්නේ සාමූහිකත්වයෙන් යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පක්ෂය යම් තීන්දු තීරණ ගනු ලබන්නේ මධ්‍යම කාරක සභාව කැඳවීමෙන් යැයිද, එය පක්ෂයේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ බවද පියදාස මහතා කීය.

මැතිවරණ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු සිටිය යුතුය යන්න පක්ෂයේ ස්ථාවරය බවද, ඒ සම්බන්ධයෙන් වන අදහස් පෙරේදා එජනිස පක්ෂ නායකයන් හමු වූ අවස්ථාවෙ දී සාකච්ඡාවට කළ බව සදහන් කළ ශ්‍රී ලනිප මහ ලේකම්වරයා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ඉතා සුදුසු බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More