උෟව වෙල්ලස්ස බිම්තැන්න තෙපළාතේ ජනයාට අයිති ඉඩම් අක්කර හැටපන්දාහකට ( 65000 ) ආසන්න ප්‍රමාණයක් උක්වගා කිරීම හා කර්මාන්තශාලා ඉදිකිරීම වෙනුවෙන් විදේශ සමාගම්වලට විකිණීමට එරෙහිව 2018 ඔක්තෝබර් 10 කොළඹදී “ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය” විසින් දැවැන්ත විරෝධතා පාගමනක් පැවැත්වීය.
ඉඩම් ගොදුරු වන ප්‍රදේශවල මහා සංඝරත්නයේ අත්සන් සහිත පෙත්සමක් ද, එම ප්‍රදේශවල ජනතාවගේ ලෙයින් අත්සන් කළ පෙත්සමක් ද සහිතව විරෝධතා පාගමනට එක්වූ ගිහි – පැවිදි පිරිස ජනාධිපතිවරයා වෙත එම පෙත්සම් භාරදීම සඳහා පිටකොටුව ටෙක්නිකල් ප්‍රදේශයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් ගියහ.
ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතාකරුවන්ට යන්නට පොලිසියෙන් ඉඩ නොදුන් අතර අතර මග බැරියර් සහිත පොලිස් ජල ප්‍රහාරක රථ ගෙන්වා අවහිර කර තිබුණි. එහිදී මහා සංඝරත්නය අැතුළු පිරිස ඔවුන්ගේ දැඩි අප්‍රසාදය රජයටත්, පොලිසියටත් පල කර සිටියහ. සටන්පාඨ කියමින් බොහෝ වෙලාවක් එම ස්ථානයේ රැඳුණු පිරිස අතරින් භික්ෂූන් දහනමකට හා ව්‍යාපාරයේ නියෝජිතයන් 10 දෙනෙකුට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හමුවී පෙත්සම් භාරදීමට හා සාකච්ඡාව කිරීමට අවස්ථාවක් ලබාදුන්හ.
පෙත්සම් භාරදීමෙන් පසු පැමිණි නියෝජිතයන් අතුරින් දොඩම්ගොල්ලේ සෝරත හිමියන් හා එම ව්‍යාපාරයේ කැඳවුම්කරු පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද පිරිස අමතා පවසා සිටියේ වර්තමාන රජයේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ ඉඩම් විකිණීමට වහා පියවර ගතයුතු බවත්, එසේ නොවන්නේ නම් ඌවවෙල්ලස්සෙ හා බිම්තැන්න පුරාම මහා දැවැන්ත ජනතා අරගල ක්‍රියාත්මක කරන බවයි. කුමන ලෙසකින්වත් ජනයාට හිමි ඉඩම් පරදේශක්කාරයින්ට හා සමාගම්වලට විකිණීමට ඉඩ නොදෙන බවත්, මහා සංඝරත්නයේ හා ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් ආණ්ඩුව පලවා හැරීමටත් සහතික වශයෙන්ම ප්‍රතිඥා දෙන බවද කියා සිටියහ.
මෙම අවස්ථාවට ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, විශ්‍රාමලත් විදුහල්පති, හඳුගල රතනපාල නාහිමි හා ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමි ඇතුළු ජාතික භික්ෂු පෙරමුණේ හිමිවරුන්ද සහභාගි වී සිටියහ.
ඌව වෙල්ලස්ස ඉඩම් බහුජාතික සමාගම්වලට බදුදීමට එරෙහිව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ජනතා පෙරමුණ විසින් ලේ පෙත්සමක් ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කෙරිණි.
Gepostet von Lanka Lead News am Donnerstag, 11. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...