විදේශ පුවත්

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද(11) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, සිංගප්පූරුව සහ නිව් යෝර්ක් අතරය.

අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් අත්හිටුවා තිබූ මෙම ගුවන් සේවාව, සිංගප්පූරු ගුවන් සමාගම විසින් යළිත් ආරම්භ කරනු ලබන්නේ, වසර 5කට පසුව ය.

එම ගුවන් ගමන කිලෝ මීටර් 15000කට අධික දුර ප්‍රමාණයකින් යුක්ත වන අතර ඊට ගත වන කාලය පැය 18 කුත් මිනිත්තු 25ක් ලෙස අනුමාන කෙරේ.

මීට පෙර, Qatar ගුවන් සමාගම නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ කටාර්හි දෝහා දක්වා ගුවන් සේවාවක් ආරම්භ කළ අතර ඊට ගත වන කාලය පැය 17.5කි. Qantas සමාගම ද මේ වසරේ මුලදී ආරම්භ කළ ඔස්ට්‍රේලියාවේ පර්ත් සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අතර ගුවන් සේවාව සඳහා ගත වන කාලය පැය 17ක් වේ.

සිංගප්පූරුවේ චන්ගි ගුවන් තොටුපොළේ සිට නිව් යෝර්ක්හි ‘නිවෝර්ක්’ ගුවන් තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම මංගල ගුවන් ගමන සඳහා විශාල ඉල්ලුමක් පැවති බව සිංගප්පූරු ගුවන් සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා නොනවතින ගුවන් ගමන් කෙරෙහි ගුවන් මගීන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බවය.

මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ ආසන සියල්ල වෙන් කිරීම් ඉක්මනින් අවසන් වූ බව එම සමාගම බීබීසී පුවත් සේවයට පැවසීය.

ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ප්‍රධාන ආහාර දෙවරක් පිළිගන්වන අතර ඒ අතරතුර පාන වර්ග ද ලබා දීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව එම පන්තියේ මගියෙකු වෙනුවෙන් නිදා ගැනීමට ඇඳක් ද වෙන් කර ඇත.

සෙසු මගීන් සඳහා නියමිත වේලාවල් තුනකදී ආහාර පිළිගන්වන අතර, අතරතුර කාලවලදී පාන වර්ග ද ලබා දෙනු ඇත.

මෙම ගුවන් ගමන සඳහා Airbus වර්ගයේ නවතම ගුවන් යානයක් යොදා ගැනෙන අතර එහි ව්‍යාපාරික පන්තියේ ආසන 67ක් සහ සෙසු මගී ආසන 94ක් සමගින් ඇති සමස්ත ආසන සංඛ්‍යාව 161කි.

A350-900 ULR දිගු දුර පරාසයේ (ultra-long-range) නවතම ගුවන් යානයක් මේ සඳහා යොදා ගැනෙන අතර එය ද්විත්ව-එන්ජින් ගුවන් යානයකි.

Boeing 777 වර්ගයේ ගුවන් යානය වෙනුවට නිපදවා ඇති මෙම ගුවන් යානය සඳහා Boeing 777 ගුවන් යානයට වඩා 20 – 30% අතර ප්‍රතිශතයකින් අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More